Sunday, September 08, 2024
Follow Us
ඔලිම්පියාඩ් පදක්කම් ලැබූ ශ්‍රි ලංකික දරුවෝ දිවයිනට

” ලෝකයේ වේගයෙන් , නිවැරැදි තීරණ ගන්නා ළමුන් සොයා ගැනීම ” අරමුණු කර ගත් 2024 – ඇබකස් ජාත්‍යන්තර ඔලිම්පියාඩ්  තරගාවලියට සහභාගී වී , එයින් ශ්‍රී ලාංකික සිසුන් රන් පදක්කමක් , රිදී පදක්කම් තුනක් සහ ලෝකඩ පදක්කම් එකොළහක් දිනා ගෙන අද (22)   උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

මෙම තරගාවලිය ඉන්දියාවේ මුම්බායි නුවර ඉකුත් 20 සහ 21 යන දින වල ලෝකයේ බුද්ධිමත්ම සිසුන් සිටින ජපානය , තායිවානය , කොරියාව , ඉරානය ඇතුළු රටවල් 18 ක ගණිත ශ්‍රේණි ගත සිසුන් 1200 ක ගේ පමණ සහභාගීත්වයෙන් පවත්වා තිබුණි .

මෙම තරග විනාඩියක කාළයක් තුළ ගණක රාමුව මනෝමය වශයෙන් සිතෙහි මවා ගෙන ප්‍රශ්න 30 බැගින් වු ප්‍රශ්න පත්‍ර 03 ක් සහ ගණක රාමුව භාවිතා කරමින් විනාඩි 03 බැගින් වන ප්‍රශ්න පත්‍ර 03 ක් සදහා ද මෙම සිසුන් මෙම තරගාවලියේ දී මුහුණ දී තිබුණි .

මෙහිදී බප/කැළණිය උඩුපිල ප්‍රාථමික විද්‍යාලයේ 05 ශ්‍රේණියේ ඉගෙනුම ලබන පවනි අසංකා සිසුවිය මෙම තරගාවලියේ දී රන් පදක්කමක් දිනා ගැනීමට සමත් වී සිටියාය .

මෙම ජයග්‍රහණ දිනා ගත් සිසු – සිසුවියන් 15 දෙනා අද උදෑසන 06.50 ට ඉන්දියාවේ මුම්බායි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යු.එල්.- 142 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔවුන් පිළිගැනීම සදහා මෙම ජයග්‍රාහී සිසුන්ගේ දෙමාපියන් පිරිසක් ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

 

Dinamina