නාලන්දයේ පුංචි විද්‍යාඥයා ලෝකය හොල්ලයි..
****************************************
නාලන්දා තක්‌සලාව සැමදාමත් විශිෂ්ටයින් බිහිකරන පින්බිමකි. ඒ අනුව සැමදාමත් නාලන්දා තක්‌සලාවේ දක්‌ෂයෝ රට වෙනුවෙන් තම මෙහෙය නිරන්තරයෙන් සිදුකරමින් සිටිති. මේ සටහන නාලන්දාවේ බිහිවුණ පුංචි දක්‌ෂයෙක් ගැනය. රකිඳු රන්දිව් වික්‍රමරත්න නම් මේ ළාබාල විද්‍යාඥයා ඉගෙනුම ලබන්නේ 10 වන ශේ්‍රණියේය. ඔහු මේ වන විට විශිෂ්ට පර්යේෂණයන් දෙකක් කරමින් ලක්‌මව රිදියෙන් බබළවන්නට සමත්වී ඇත.
මේ පුංචි හපනාගේ පියා වන්නේ කීර්ති වික්‍රමරත්න මහතාය. ඔහු සේවය කරන්නේ බොරැල්ලේ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ඉලෙක්‌ට්‍රෝන අංශයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය පර්යේෂණාගාර තාක්‌ෂණ විද්‍යාඥයෙකු ලෙසය. ස්‌වාධින තාරකා ජීව විද්‍යාඥයකු ලෙස විශ්වයේ සැඟවුන රහස් පිළිබද ජනතාව දැනුවත් කිරීම සඳහා විශිෂ්ට මෙහෙයක් කරනා කිර්ති මහතා ලංකාවේ බිහිවූ විශිෂ්ට විද්වතෙක් වූ මහාචාර්ය චන්ද්‍ර වික්‍රමසිංහ විද්වතා සමග එක්‌ව පිටසක්‌වල ජීවය පිළිබඳ විවිධ වූ පර්යේෂණ කිරීමට සිය දායකත්වය නිරන්තරයෙන් ලබා දෙමින් සිටින්නේය.
රකිඳු ද කුඩා කල සිටම තම පියාගේ අතේ එල්ලී පියා සේවය කරනු ලබන වෛද්‍ය පර්යේෂණාගාරයට පැමිණෙන්නේය. ඉලෙක්‌ට්‍රෝන අන්වීක්‌ෂයෙන් සිය පියා කටයුතු කරන ආකාරය ඉතා ආසාවෙන් බලා සිටින්නට වූවේය. පුතේ අපි නොදකින ලෝකයක් අපිට මේ ඉලොක්‌ට්‍රෝන අන්වීක්‌ෂයෙන් බලන්න පු`ළුවන් බව කිර්ති වික්‍රමරත්නයන් තම පුතාට පවසා සිටින්නට විය. ඒ නිසා රකිදුට මෙම ඉලෙක්‌ට්‍රෝන අන්වික්‌ෂය යම් වැඩ කටයුත්තක් කිරීමට අතපත ගාන්නට විය. මව වන ජීවනි ගුණසේකර මහත්මියද සේවය කරනු ලබන්නේ ජාතික පිළිකා ආයතනයේ වෛද්‍ය පර්යේෂණ තාක්‌ෂණ විද්‍යාඥවරියක් ලෙසය. ඒ නිසා රකිඳු කුඩා කල සිටම තම මව සහ පියා සේවය කරන ආයතනවලට ගිය විට දුටුවේ අන්වීක්‌ෂ උපයෝගි කොටගෙන මව සහ පියා පරීක්‌ෂණ කරන අයුරුය. ඒ නිසා පුංචි සන්දියේ සිටම එම උපකරණ රකිඳු ආශාවෙන් අතපත ගාන්නට වූවේය. කීර්ති මහතාගේ නිවෙසේ පුංවි විද්‍යාගාරයක් තිබුණි. එහි තිබූ උපකරණද රකිඳුට මහ මෙරක් මෙන් විය. ඒ නිසා පියා මෙන් මෙම උපකරණ ඇසුරෙන් යමක් කරන්නට ඕනෑයෑයි රකිඳුට නිතර දෙවේලේ සිතෙන්නට විය.
නාලන්ද විදුහලින්ද රකිඳුගේ මෙම ආශාවට අත්වැල සපයන්නට විය. නාලන්දාවේ නව නිපයුම්කරුවන්ගේ දස්‌කම්ද රකිඳුගේ සිත පර්යේෂණයන් කිරීම සඳහා නිරන්තරයෙන් යොමුවන්නට වූවේය. මවගේ නිවසට ගිය විට ඒ නිවස පිටුපස අලංකාර ලෙස රූමස්‌සල කන්ද පෙනෙන්නට විය. ඒ ආසන්නයේ ලස්‌සනට ලස්‌සනේ බකිනි මල් පිපී සිනහසෙන අයුරු රකිඳුට පෙනුනි. මේ බකිනි මල්වලින් ලෙඩවලට ප්‍රතිකාර කරන්න බැරිද? ඒ සමග මව සේවය කරන ආයතනයේ පිළිකා සැදී පීඩා විඳින රෝගීන් රකිඳුට මැවි පෙනෙන්නට විය. මේවායින් පිළිකාවට ඔසුවක් සොයාගන්නට බැරිද? රකිඳු බකිනි ගස දිහා බලාගෙන කල්පනා කරන්නට වූවේය.
අන්තර් ජාලය ඔස්‌සේ රකිඳු බකිනි ගස පිළිබඳව තොරතුරු සොයන්නට විය. ඔස්‌ටේ්‍රලියාවේ ආදිවාසි ජනයා බකිනි ගසේ ගෙඩි ආහාරයට ගන්නා බවත් එමගින් සිරුරේ ප්‍රතිශක්‌තිකරණයක් ඇති වෙන බවද අන්තර්ජාලය ඔස්‌සේ දැනගන්නා ලදී. ඒ නිසා බකිනි ගසේ ගෙඩි සහ මල් වැනි කොටස් ගෙන රකිඳු අන්වීක්‌ෂයෙන් නිතර පරීක්‌ෂා කරන්නට වූවේය.
මෙම පර්යේෂණය ඉදිරියට ගෙනයන්න නම් විශේෂ අන්වීක්‌ෂයකින් මෙය පරීක්‌ෂා කළ යුතුය. ඒ අනුව එමගින් මෙහි ඇති ඖෂධීය ගුණය පිළිබඳව වැඩිදුරටත් පරික්‌ෂණය කල හැකිය. ඒ සඳහා කොළඹ විශ්ව විද්‍යාලයේ ජීව රසායන අනුක ජීව හා ජෛව තාක්‌ෂණ විද්‍යා ආයතනයේ ආචාර්ය සමීර ආර්. සමරකෝන් මහතාගේ සහය ලබා ගැනීමට රකිඳුට අවස්‌ථාව ලැබෙන්නේය. ආචාර්ය සමීර මහතා පිළිකා නසන ඔසු පිළිබඳව පර්යේෂණ රැසක් සිදුකර ඒ පිළිබඳව විශාල අත්දැකීමක් ඇති අයෙකි. ඒ සඳහා කැලුම් රත්නායක සහ නුවන්කා අබේසිංහ යන විද්‍යාඥයින්ගේ සහයද රකිඳුට ලැබෙන්නට විය.
ඒ අනුව බකිනි ගෙඩියේ පොත්ත, පොත්තට එක්‌ව තිබෙන කොටස සහ මදය ආදී කොටස් පිළිබඳව පරීක්‌ෂණයක් පවත්වන්නට විය. අවසානයේදී බකිනි ගෙඩියේ මදයෙන් නිස්‌සාරණය කරගන්නා ලද සුවිශේෂීවූ රසායනික සංඝටකයට පිළිකා සෛල එක්‌කර සිදුකර පරීක්‌ෂණයෙන් එම පිළිකා සෛල විනාශ වෙන බව එම තහවුරු වන්නට විය.
ඒ අනුව එම පර්යේෂණ නේපාලයේ කත්මන්ඩු නුවර පසුගිය 01 වනදා සිට 05 වනදා තෙක් පැවති හයවන ආසියා පැසිපික් තරුණ විද්‍යා සමුළුවට ඉදිරිපත් කරන ලදී. මෙම පර්යේෂණය ඉදිරිපත් කරන්නට මත්තෙන් මාස 04 කට පෙර එම පර්යේෂණයේ සාරංශය මෙම සමුළුවේ ජූරි සභාව වෙත ඉදිරිපත් කරන ලදි. ඒ අතරින් ජත්‍යන්තර මට්‌ටමින් යුත් පර්යේෂණයන් සඳහා පමණක් මෙම සමුළුවට යැම සඳහා අවස්‌ථාව උදාවෙනු ලබයි.
තරුණ දැනුම මගින් වඩා ශක්‌තිමත් විද්‍යා තාක්‌ෂණ ලෝකයක් නිර්මාණය කිරිම සඳහා නේපාලයේ ටි්‍රබුවාන් විශ්ව විද්‍යාලය, ව්‍යවහාරික විද්‍යා තාක්‌ෂණ පර්යේෂණ මධ්‍යස්‌ථානයේ මුලිකත්වයෙන් නේපාලයේ විද්‍යා තාක්‌ෂණ අමාත්‍යංශය සහ ආයතන රැසක් එක්‌ව 2012 වසරේ සිට මෙම සමුළුව ආරම්භ කර තිබේ. මේ සඳහා චීනය , රුසියාව, ඉන්දියාව වැනි ප්‍රබල රටවල තරුණ විද්‍යාඥයන් 200ක පමණ තම පර්යේෂණයන් මෙම තරඟය සඳහා ඉදිරිපත් කරන ලදී. ලංකාවෙන් ප්‍රථම වරට සහභාගිවන ලද්දේ රකිඳු රන්දිව් වික්‍රමරත්න සිසුවාය.
බකිනි ගසේ පලතුරු මදයෙන් නිස්‌සාරණය කරගන්නා ලද සුවිශේෂී වූ රසායනික සංඝටකයකට රසායනික මුසුවක් මගින් ගර්භාෂ පිළිකා ප්‍රභේදයක් සුවකර ගැනීමට හැකි බව රසායනාගාර පර්යේෂණ මගින් තහවුරු කර ගැනිම පිළිබඳව රකිඳු විනිශ්චය මණ්‌ඩලය හමුවේ පර්යේෂණය ඉදිරිපත් කරන්නට විය. එම පර්යේෂණයේ තොරතුරු දැනගත් එම මහාචාර්යවරුන් රකිඳුගේ පර්යේෂණය මහත්සේ අගයන්නට වූහ. මෙම සමුළුවට ඉදිරිපත්වූ තරුණ විද්‍යාඥයින් 200ක් අතරින් රකිඳු ජීව විද්‍යා අංශයෙන් රිදි පදක්‌කම හිමිකර ගනිමින් ලක්‌මව වෙත මහත් ගෞරවයක් ගෙන දෙන්නට විය.
රකිඳු රන්දිව් විසින් පසුගිය අප්‍රේල් මාසයේදි ජර්මනියේ ස්‌ටුට්‌ගාට්‌හි පැවැත්වුණ 24 වන තරුණ විද්‍යාඥ සමුළුවේදී ලොව ළාබාලතම තරුණ විද්‍යාඥයා ලෙස රිදී පදක්‌කම ද දිනාගන්නා ලදි. පසුගිය ජුලි මාසයේදී මැලේයාසියාවේ ක්‌වාලාම්පුර්වල පැවති තරුණ විද්‍යාඥ සමුළුවේදී රිදී පදක්‌කමක්‌ද රකිඳු විසින් දිනා ගන්නා ලදි. ඒ අනුව මෙම වසර තුළදී මෙම නාලන්දයේ විශිෂ්ට තරුණ විද්‍යාඥයා රිදී පදක්‌කම් 03ක් දිනාගනිමින් ලංකාවට මහත් ගෞරවයක් ගෙන දෙන්නට සමත්ව ඇත.
"මම මේ වගේ පර්යේෂණයන් කරන්න ආශයි. ඉතිං මම ඒ වෙනුවෙන් ඉඩ ලද හැම අවස්‌ථාවේම කටයුතු කරනවා. මම ඉංජිනේරුවෙක් වෙන්න තමයි ආශාවෙන් ඉන්නේ. නමුත් මම මේ ආකාරයෙන් පර්යේෂණයන් සිදුකරන කරන එක නතර කරන්නේ නැහැ. මේ වසරේ මට රිදී පදක්‌කම් තුනක් ගන්න ලැබුණා. ඒ සමග මගේ පර්යේෂණයන් සඳහා විශාල ඇගයිමක් ලැබුණා. එයින් මම තව තවත් දිරිමත් වුණා යනුවෙන් රකිඳු අදහස් දක්‌වමින් පවසා සිටියේය".
රකිඳුගේ මෙම පර්යේෂණය සඳහා සහයෝගය දක්‌වමින් උපදේශකත්වය සහ අධීක්‌ෂණ කටයුතු සිදුකරනු ලැබු කොළඹ විශ්ව විද්‍යාලයේ ජීව රසායන අනුක ජීව හා ජෛව තාක්‌ෂණ විද්‍යා ආයතනයේ ආචාර්ය සමීර ආර්. සමරකෝන් මහතාටත් කැලුම් රත්නායක සහ නුවන්කා අබේසිංහ යන විද්‍යාඥයන්ටත් කොළඹ නාලන්දා විද්‍යාලයේ විදුහල්පති තිලක් වත්තුහේවා, පංතිභාර ගුරුතුමිය වන ප්‍රමීතා ගලප්පත්ති, පර්යේෂණ සංසදයේ ආචාර්ය උපේක්‌ෂා අබේසේකර යන මහත්ම මහත්මින්ද මෙම සමුළුව සඳහා යැමට ගුවන් ප්‍රවේශපත් ලබා දෙමින් මුල්‍ය දායකත්වය ලබා දුන් රේණුකා ජයසුන්දර මහත්මිය ඇතුළු සහය දැක්‌වූ සියළු දෙනාටත් නිරන්තරයෙන් මේ සඳහා සහයෝගය දැක්‌වූ වෛද්‍ය පර්යේෂණ තාක්‌ෂණ විද්‍යාඥයන් ලෙස කටයුතු කරන කිර්ති වික්‍රමරත්න පියාට සහ ජීවනි ගුණසේකර වන මවටත් රකිඳු ස්‌තුතිය පුද කර සිටිති.
නේපාලය වැනි රටවල්ද මේ ආකාරයේ විද්‍යා සමුළු පවත්වමින් අංකුර විද්‍යාඥයන් සොයා යමින් සිටිති. නමුත් ලංකාවේ තවමත් මේ ආකාරයෙන් ජත්‍යන්තර වශයෙන් අංකුර විද්‍යාඥයන් සොයා යාමේ සමුළුවක් පවත්වා නොමැත. අපේ බළධාරීන්ටද හෙට දිනයේ එවන් කාර්යක් කිරීමට අදහසක් ඇතිවුවහොත් එය හෙට දිනයේ රකිඳු මෙන් තවත් අංකුර විද්‍යාඥයන් රැසක් ලක්‌මවට බිහිවෙනු ඇත.
සුසන්ත අමරබන්දු-2017.11.12
උපුටා ගැනීම හා සැකසීම Helabojun Team-
Fifteen-year-old Nalandian Rakindhu Wickremeratne has won silver at the week-long International Conference of Young Scientists, held in Stuttgart, Germany.
At the Conference was attended by over 300 participants from 40 countries, Rakindhu won silver for his entry relating to providing solutions for asthma attacks.
Rakindhu, who was the youngest participant at the International Conference of Young Scientists, is also winner of the Best Young Scientist award by the National Young Scientists Foundation 2016/2017, in Sri Lanka.
The International Conference of Young Scientist or ICYS is the unofficial world championship of research papers in several scientific disciplines for secondary school students.
ICYS is a member of World Federation of Physics Competitions.