Monday, June 22, 2026
Follow Us
වර්චුවල් ප්‍රේමිය ....

පිංවන්ත පික්සල් විද්‍යුතය අස්සට
බිඳ වැටෙමි පපුව මැද මිලින පෙති මත්තට
කැපුන තැන් මිසක් වෙන දෙයක් වෙද සෙස්සට
ඇය මලක් අඳිනවා ප්‍රෝටෝන වැස්සක ..........


ලයිට් යනවට තමයි දැනුත් මම බය
කෙස් අතර ගලායයි කඳුළු කවි ඔය ...
කවුරුවත් ගෙවන් නෑ මේ අපේ ණය
ආදරේ විතරමයි අඳින්නේ රැය .........
--------
සහන්