සමහර හිතවල
කෝපය කියන්නේ කෝපයම නෙමෙයි...
කාලයක් තිස්සේ
කිසිවෙකුට නොකියා
නිහඬවම තැන්පත් කරගත්
කඳුළු ගොඩක්...
නොලැබුණු උණුසුම,
කියන්න බැරිව ගිලගත් වචන,
බිඳුණු බලාපොරොත්තු,
තමන්ටම තුරුළු වී
තමන්වම සනසගත් රාත්‍රී...
ඒ හැමදේම
එක දවසක
හඬක් වෙලා පිටවෙන්න පුළුවන්...
ඒ වෙලාවේ
කෙනෙක්ගේ හැසිරීම විතරක් බලලා
"කේන්තිකාරයෙක්" කියලා
තීරණය කරන්න එපා...
සමහර විට
ඔයාට පෙනෙන්නේ
ඔහුගේ/ඇයගේ කෝපය විතරයි...
ඒත් ඒ කෝපයට යටින්
කවුරුත් නොදැකපු
කතාවක් තිබෙන්න පුළුවන්...
මිනිස්සුන්ව විනිශ්චය කරන්න කලින්
එක මොහොතක් නතර වෙලා බලන්න...
සමහර හදවත්
ඇත්තටම කෑගහන්නේ
කෝපයෙන් නොවෙයි...
බොහෝ කාලයක්
තනියම දරාගෙන හිඳ
හෙම්බත් වූ නිසායි..
✍️ ??????? ?? මලී