පාසල් ආරම්භ කිරීම පිළිබඳව දින තීන්දු කරගැනීම ලබන සතියේ සිදු කිරීමට හැකිවනු ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
ලබන සඳුදා පාසල් ආරම්භ කිරීමට නොහැකි බව කී අමාත්‍යවරයා,අදියර වශයෙන් පාසල් ආරම්භ කිරීමට කටයුතු කරන බව ද පැවසිය.
පළාත් පාලන ආයතන සහයෝගයෙන් පාසල් පිරිසිදු කිරීම හා විෂබීජහරණය කිරීමට කටයුතු කෙරේ.පළමුවෙන් ම විදුහල්පතිවරු හා ගුරුවරු පාසල්වලට කැඳවීමට පියවර ගැනේ. දෙවැනි අදියර ලෙස උසස් පෙළ හ සාමාන්‍ය පෙළ දරු දැරියන් පළමුව ගෙන්වාගැනීමට කටයුතු කෙරේ. ඉන් අනතුරුව කුඩා දරුවන් ගෙන්වීමට කටයුතු කෙරේ.පන්තිවල දුරස්ථභාරය තබාගැනීමට අවධානය යොමුව තිබේ.දෑත් සේදීම, එමෙන් ම සෑම පාසලකට ම දරුවනේ උෂ්ණත්වය මැන බැලීමට උපකරණ ලබාදීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය.
(News.lk)