ලබන සදුදා සිට අදියර කිහිපයක් යටතේ අධිකරණ කටයුතු ආරම්භ කිරීමට අධිකරණ අමාත්‍යාංශයේ අවධානය යොමුවී තිබෙනවා. එහි ලේකම් ජේ ජේ රත්නසිරි නෙත් නිවුස් වෙත කියාසිටියේ කොළඹින් පිටත අධිකරණ සදහා සැකකරුවන් කැදවීම සීමිත පරිදි සිදුකරන බවයි.
පළමු අදියරේදී රක්‍ෂිත බන්ධනාගාර ගතවූවන්ගේ නඩු පමණක් විභාග කරනු ඇති. කොළඹ අධිකරණ ආශි‍්‍රත නඩු තවදුරටත් පෙර පරිදි නවීන තාක්‍ෂණය භාවිත කරමින් කැදවන බව අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා සදහන් කළා. විනිසුරුවරුන්, මහේස්ත‍්‍රාත්වරුන්, නීතිඥවරුන් ඇතුළු අධිකරණ ක්‍ෂේත‍්‍රයේ සියළු නිලධාරීන් අනුගමනය කළයුතු සෞඛ්‍ය ආරක්‍ෂිත උපදෙස් මාලාවක්ද මේ වනවිට සකස් කර අවසන්.
(Neth)