Sunday, February 08, 2026
Follow Us
මනාප අංක නිකුත් කිරීමට මැතිවරණ කොමිසම සූදානම් !

මහ මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන්ට අදාල මනාප අංක නිකුත් කිරීම සඳහා මැතිවරණ කොමිසම සූදානම් වන බව වාර්තා වේ. පසුගිය සතිය තුළ මනාප අංක නිකුත් කිරීමට මුලින් සැළසුම් කර තිබූ නමුත් කොවිඩ් වසංගතය හේතුවෙන් රටතුළ පවතින තත්වය සැලකිල්ලට ගනිමින් එය තවදුරටත් කල් දැමිණි.

මේ අතර මහ මැතිවරණය සඳහා සන්ධානගතව ඉදිරිපත්ව සිටින සුළු පක්ෂවල නියෝජිතයන් මුණ ගැසීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා. 12 වැනිදා එම පක්ෂ නියෝජිතයන් මැතිවරණ කොමිසමේ ප්‍රධානීන් හමුවීමට නියමිතය.

අප්‍රේල් 25 වැනිදාට නියමිතව තිබූ මහ මැතිවරණය කොවිඩ් අවදානම හේතුවෙන් කල් දැමුණු අතර මැතිවරණ කොමිසම පසුව නියම කළේ මහ මැතිවරණය ජුනි 20 වැනිදා පැවැත්වීමටයි.

(LNW)