Sunday, February 08, 2026
Follow Us
රක්‍ෂණ ඔප්පු වාරික ගෙවීමටත් සහන කාලයක්

පවතින තත්ත්වය හමුවේ රක්‍ෂණ ඔප්පු හිමියන්ට සිය වාරික ගෙවීමේදී සහන කාලයක් ලබාදීමට ශී‍්‍ර ලංකා රක්‍ෂණ නියාමන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

එහි අධ්‍යක්‍ෂ ජනරාල් දමයන්ති ප‍්‍රනාන්දු පැවසුවේ මේ සම්බන්ධයෙන් රක්‍ෂණ නියෝජිත ආයතන ද දැනුවත් කර ඇති බවයි.

ඒ අනුව මාර්තු පළමු වනදා සිට ජූනි 30 වනදා දක්වා කාලය තුළ කිසියම් රක්‍ෂණ ඔප්පු හිමියෙකුට වාරික ගෙවීමට නියමිතව තිබුණේ නම් මෙම සහන කාලය ලබාදීමටයි තීරණය කර ඇත්තේ.

මේ අතර ලබන 11 වනදා රට යථා තත්ත්වයට පත් කිරීමත් සමග දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කටයුතුද තවදුරටත් පුළුල් කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

(Neth)