Sunday, February 08, 2026
Follow Us
මෙරට කොරෝනා පැරදීමේ කතාව ලියද්දී ජනපතිගේ නම මුලින්ම ලියන්න ඕනි - පවිත්‍රා

ශ්‍රී ලංකාව කොවිඩ් 19 පැරදවූ ආකාරය ලියනා දිනෙක එහි මුලින්ම ලිවිය යුත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවී වන්නිආරච්චි මහත්මිය අවධාරණය කරයි.

"කොවිඩ් 19 මේ රටේ පැරදෙව්වෙ කොහොමද කියලා කතාව ලියන වෙලාවෙ ඉස්සෙල්ලාම ජනාධිපතිතුමාගෙ නම ලියවෙන්න ඕනි.

ඒ කතාවෙ ඊළඟ තැන නම් දෙන්න ඕනෙ අයිඩීඑච් රෝහලේ ඉන්න විශේෂඥ වෛද්‍යතුමන්ලා, විශේෂයෙන්ම මේ රෝහලේ නායකත්වය දෙන අපේ හසිත අත්තනායක මැතිතුමාත් ඒවගේම නම කියවෙන්නෙ නැති මේ වැඩේ හරියටම කරපු මේ රෝහලේ කාර්ය මණ්ඩලයට කියන එක මම මතක් කරන්න ඕනි" යනුවෙනුයි ඒ මහත්මිය සඳහන් කළේ.

ඇමතිනිය මේ බව පැවසුවේ අයිඩීඑච් රෝහලේ හෙද කාර්ය මණ්ඩලය වෙනුවෙන් ඉදි කෙරුණු නව නේවාසිකාගාරය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (08) එක්වෙමිනි.

මීට මූල්‍ය දායකත්වය ලබාදී තිබුණේ ඇමරිකාවේ වෙසෙන කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුන්ගේ ඊස්ට් කෝස්ට් පදනම විසිනි.

(LNW)