Sunday, February 08, 2026
Follow Us
ගොවි සහ ධීවර විශ‍්‍රාම වැටුප්ලාභීන්ටත් මැයි මාසයට රුපියල් පන්දහසේ දීමනාව

ගොවි විශ‍්‍රාම වැටුප්ලාභීන් හා ධීවර විශ‍්‍රාම වැටුප්ලාභීන්ටද රජය මගින් ලබාදෙන රුපියල් පන්දහසේ දීමනාව මැයි මසට ද ලබාදෙන බව කෘෂිකර්ම හා ගොවිජන රක්‍ෂණ මණ්ඩලය පවසනවා. එහි සභාපති නීතිඥ පේ‍්‍රචන්ද්‍ර ඈපා පැවසුවේ ඊට සුදුසුකම් ලබන අයට තමන්ට නියමිත තැපැල් කාර්යාල මගින් එම මුදල ලබාගැනීමට හැකි බවයි. ඒ, ලබන 11 වන දින සිට 15 වන දින දක්වායි.

කොවිඞ් වසංගත තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් අඩු ආදායම්ලාභී ජනතාවට සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ උපදෙස් මත මෙම දීමනාව ලබාදෙනවා. ඒ අනුව ගොවි විශ‍්‍රාම වැටුප්ලාභීන් එක් ලක්‍ෂ හැට දෙදහසක් සහ ධීවර විශ‍්‍රාම වැටුප්ලාභීන් 4,907 ක් ඊට සුදුසුකම් ලබා සිටින අතර මැයි මාසය සදහා ඔවුන් වෙනුවෙන් ගෙවන මුදල රුපියල් මිලියන 831 ක් බවයි ප‍්‍රකාශ කෙරුණේ.

(Neth)