Thursday, July 03, 2025
Follow Us
රැඳවියන් බන්ධනාගාරයේම තබා නඩු විභාග කිරීමේ ක්‍රමවේදයක්

රැඳවියන් සඳහා නඩු විභාග කිරීම එම බන්ධනාගාර තුළදීම නවීන වීඩියෝ තාක්ෂණය උපයෝගී කර ගනිමින් සිදුකිරීමට මේ වනවිට අවධානය යොමුව ඇතැයි ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ යූ. ආර්. ද සිල්වා පවසනවා.

ඔහු කියා සිටියේ ඒ සඳහා ටෙලිකොම් සමාගම සහ ජංගම දුරකථන සමාගමක් සම්බන්ධ කර ගනිමින් එම කි‍්‍රයාවලිය සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි.

බන්ධනාගාරය තුලදී නඩු විභාග කිරීමේ මෙම කි‍්‍රයාවලිය සිදු කෙරෙන ආකාරය සම්බන්ධයෙන් ද ඔහු මෙලෙස පැහැදිළි කළා.

මේ හරහා බන්ධනාගාර රැඳවියන් අධිකරණ වෙත රැගෙන යාමට වැයවන වියදම් අවම වන බවත්, එමගින් රැඳවියන්ගේ ආරක්ෂාව ද තහවුරු වන බවත් ජනාධිපති නීතීඥ යූ. ආර්. ද සිල්වා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

(Neth)