වැලි ඇතුළු ඛනිජ ප්‍රවාහනය සඳහා පනවා තිබූ සීමා තවදුරටත් ලිහිල් කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව වැලි ප්‍රවාහනය කරන වාහනයේ අංකය සහ වැලි ප්‍රවාහනය කරන ගමනාන්තය අයත් පොලිස් බල ප්‍රදේශයේ ප්‍රවාහන බලපත්‍රයේ අනිවාර්යෙන් සඳහන් කිරීම අවශ්‍ය නොවන බවයි භූ විද්‍යා සමීක්ෂණ මහා පතල් කාර්යාංශය පවසන්නේ.
ඒ අනුව වැලි කැණීම් සිදු කරන ස්ථානය පමණක් බලපත්‍රයේ සඳහන්ව තිබීම ප්‍රමාණවත් වේ. මීට අමතරව දවසේ ඕනෑම වේලාවක වැලි ප්‍රවාහනය සඳහා අවස්ථාව ලබා දීමටද රජය තීරණය කර තිබේ.
මෙම නීති ලිහිල් කිරීම ලබන 11 වැනිදා සිට ක්‍රියාත්මක වේ.
(LNW)