කිසිදු පෞද්ගලික අංශයේ සේවකයකු රැකියාවලින් ඉවත් නොකිරීමට රජය සහ හාම්පුතුන් අතර සාමුහික එකඟතාවක් ඇතිකරගත් බව කම්කරු සබඳතා අමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා පවසයි.
"එකඟතාවකට පැමිණිලා තිබෙනවා පෞද්ගලික අංශයේ ආයතනවල සේවකයන් කිසිවකු රැකියාවලින් අස් නොකරන්නට. ඒවාගෙම නිෂ්පාදන කර්මාන්තශාලා සියල්ල ආරම්භ කිරීමට. රජය මඟින් ප්‍රකාශයට පත්කොට ඇති සෞඛ්‍ය නීති සීමාවල්වලට යටත්ව ඒ ආයතනවල නිෂ්පාදනය ආරම්භ කරනවා ඇති.
යම්කිසි සේවක ප්‍රමාණයක් වැඩට පැමිණීමට ඉඩ නොලැබෙනවා නම් ඒ සියලු දෙනාට තමන් පසුගිය කාලයේ ගත් වැටුපෙන් 50%කට ඉක්මවා නොයන, එසේ නොමැති නම් රුපියල් 14,500ක අවම මාසික වැටුපක් ගෙවීමට තීරණය කර තිබෙනවා. මේක සාමුහික තීරණයක්. 11 වෙනිදා සිට සෑම අංශයක්ම විවෘත කිරීමට අවශ්‍ය පියවර ඒ අංශ මඟින් හා ඒවාගෙම රජයේ සහයෝගය ද ඉඩදී තිබෙනවා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
(LNW)