පාසල් ආරම්භ කිරීමෙන් පසු අනුගමනය කළයුතු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද සම්බන්ධයෙන් අද (06) චක්‍රලේඛයක් නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එන්.එම්.එච්. චිත්‍රානන්ද මහතා පවසනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ලබාදුන් නිර්දේශ අනුව මෙම චක්‍රලේඛය සකස් කර ඇති බවයි ලේකම්වරයා පවසන්නේ.
මැයි 11 වැනිදා සිට අදියර කිහිපයක් යටතේ පාසල් ආරම්භ කරන බව රජය මීට පෙර තීරණය කර තිබූ නමුත් මේ වනවිට පාසල් නැවත ආරම්භ කිරීම කල් දමා තිබෙනවා. අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසන්නේ පාසල් නැවත ආරම්භ කිරීම දේශපාලන තීන්දුවක් නොවන බවයි. ඒ අනුව පාසල් නැවත ආරම්භ කිරීම සඳහා සුදුසු සෞඛ්‍යාරක්ෂිත වටපිටාවක් නිර්මාණය වී ඇති බවට සෞඛ්‍ය අංශ විසින් දැනුම දීමෙන් පසුව එ් පිළිබඳව අවසන් තීරණය ගනු ඇත.
කුමන දිනයක පාසල් ආරම්භ කළද එය අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක වන බවත්, පළමු ගුරුවරුන් පමණක් පාසල් වෙත කැඳවනු ඇති බවත් අධ්‍යාපන අමාත්‍යවරයා පවසනවා.
(LNW)