Thursday, July 03, 2025
Follow Us
මැයි මාසයේ රු. 5000 දීමනාව 11 වැනිදා සිට

මැයි මාසයට අදාළ රුපියල් 5000 දීමනාව ගෙවීම ලබන 11 වැනි දා ආරම්භ කරන බව ජනාධිපති කාර්යාලය පවසයි.

දිස්ත්‍රික් ලේකම් හා ප්‍රාදේශීය ලේකම්ගේ මගපෙන්වීම යටතේ අදාළ ග්‍රාම නිලධාරීන් ප්‍රතිලාභීන්ගේ නිවාස වෙතම ගොස් දීමනාව ගෙවනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

දීමනාව ගෙවීම් 2020 මැයි 11 වැනිදා ආරම්භ කර 2020 මැයි 15 වැනි දින අවසන් කිරීමට නියමිතයි.

මේ යටතේ වැඩිහිටි දීමනාව, ආබාධිත දීමනාව, වකුගඩු රෝගීන් සඳහා දීමනාව, ගොවි විශ්‍රාම වැටුප සහ ධීවර විශ්‍රාම වැටුප සඳහා හිමිකම් ලැබූ පුද්ගලයින්ට රුපියල් 5000 දීමනාව ලබාදෙනු ඇති.

(Aruna)