Saturday, February 07, 2026
Follow Us
මැයි මස විශ්‍රාම වැටුප අද සිට

මැයි මස විශ්‍රාම වැටුප අද (05 වැනිදා) සිට ලබාගත හැකි බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි ‘අරුණ’ට පැවසීය.

අදාළ විශ්‍රාම වැටුප් සඳහා ප්‍රතිපාදන භාණ්ඩාගාරයෙන් නිකුත් කර බැංකු ගත කිරීම ඊයේ (04 වැනිදා_) සිදු කළ බවද ලේකම්වරයා කීවේය.

විශ්‍රාම වැටුප්, මහජනාධාර හා ආබාධිත දීමනා සඳහා රුපියල් බිලියන 24ක් වෙන්කර ඇත.

කෙසේ වෙතත් මෙම විශ්‍රාම වැටුප් ගෙවීම් ඊයේ (04 වැනිදා) සිට සිදු කරන බවට ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබිණි.

ඇතැම් පිරිස් ඊයේ (04 වැනිදා) උදෑසන සිටම විශ්‍රාම වැටුප් ලබා ගැනීම සඳහා බැංකු හෝ තැපැල් කාර්යාල වෙත පැමිණ අපහසුතාවට පත්වූහ.

(Aruna)