Tuesday, September 16, 2025
Follow Us
ශ්‍රේෂ්ඨාධිකරණය වැඩ සඳුදා සිට යලි ඇරඹේ

මැයි මස 11 වන සදුදා සිට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කටයුතු යළි ආරම්භ කරන බව ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා නිවේදනයක් මගින් සියලුම නීතිඥවරුන්ට, නඩු වල පාර්ශ්වයන්ට සහ මහජනතාවට දන්වා ඇත.

මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර් ප්‍රදීප් මහමුතුගල මහතා පවසා සිටින්නේ පසුගිය අප්‍රේල් මස 27 සිට මැයි මස 6 දා දක්වා කාලය තුළ විවෘත අධිකරණයේ කැදවීමට නියමිතව තුබූ නඩු යලි කැදවීමට ඉදිරි කාලය තුළ අලුතින් දින ලබා දෙන බවයි.

(Neth)