සංචරණ සීමා පවත්වා ගැනීම වෙනුවෙන් රජය විසින් හඳුන්වා දුන්, ජාතික හැඳුණුම්පතේ අවසාන අංකයට අනුව නිවසින් බැහැරට යාමේ ක්‍රමවේදය අදාල වන්නේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ප්‍රදේශ සඳහා පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවන ප්‍රදේශ සඳහා එවැනි සීමා කිරීමක් නොමැති බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව තිබෙනවා. කෙසේ වෙතත් මීට පෙර මෙම ක්‍රමවේදය ඇඳිරි නීතිය නොමැති අවස්ථාවලදීද අනුගමනය කළයුතු බවයි නිවේදනය කර තිබුණේ.
මේ අතර අවදානම් කලාප ලෙස නම්කර ඇති ප්‍රදේශවලට ඇතුළුවීමට හෝ ඉන් පිටවීමට හෝ කිසිදු අවසරයක් නොමැති බව ද අදාල නිවේදනයෙන් අවධාරණය කරයි.
(LNW)