Saturday, February 07, 2026
Follow Us
ඇඳිරිය අඩුවුණ ගමන් වැඩියෙන්ම විකුණුනේ සීනි හා යීස්ට්

ඇඳිරි නීතිය ලිහිල් කළ දිස්ත්‍රික්ක 21 කේ එම කාල සීමාවේ වෙළෙඳසල්වලින් වැඩියෙන්ම අලෙවි වී ඇත්තේ සීනි සහ යීස්ට් බව පොලිසිය සහ ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන ඇත.

නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කිරීම සඳහා මෙලෙස සීනි සහ යීස්ට් භාවිත කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් කපිල කුමාරසිංහ පැවසීය.

වෙළෙඳසල් මගින් වැඩියෙන්ම අලෙවි වී ඇත්තේ දුඹුරු සීනි බවද කියයි. නීති විරෝධී මත්පැන් නිෂ්පාදන වැටලීම සඳහා පොලිසිය සහ සුරාබදු දෙපාර්තමේන්තුව ඒකාබද්ධ වැඩපිළිවෙළක්ද දියත් කර ඇත.

සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ අප්‍රේල් මස පළමු වැනිදා සිට 28 වැනි දින දක්වා නීති විරෝධී මත්පැන් නිෂ්පාදන සහ මත්ද්‍රව්‍ය වැටලීම් 1022 ක් සිදුකර ඇති බවය.

(Aruna)