ජාතික වෙසක් සතිය නිමිත්තෙන් නිවෙස්වල සහ ආයතනයවල හෙට (04) සිට බෞද්ධ ධජය ඔසවා තබන්නැයි ඉල්ලීමක් කෙරෙනවා.
බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යංශය පවසන්නේ මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් මුද්දර 04ක් නිකුත් කිරීමටද සැලසුම් කර තිබෙන බවයි.
ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වන එම අමාත්‍යංශයේ ලේකම් එම්. කේ. බන්දුල හරිස්චන්ද්‍ර කියා සිටියේ වෙසක් සතිය 04 වැනිදා සිට ආරම්භ කෙරෙන බවත් ඒ වෙනුවෙන් නිකුත් කෙරෙන මුද්දර 04න් තුනක්ම නව නිර්මාණ බවයි.
වෙසක් උත්සවය නිමිත්තෙන් සැරසිලි සිදු කිරීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය නිවෙස් වෙතම සපයා දීමටද සැලසුම් සකස් කර තිබෙනවා. නිවෙස් වෙත අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයෙන ආකාරයෙන්ම මෙම ක්රියාවලියද සිදු කිරීමට සැළසුම් කර ඇති බවයි සඳහන් කෙරුණේ.
මේ අතර සමූහ ලෙස රැස් නොවී වෙසක් උත්සවය සමරන්නැයි පොලිසිය ද ඉල්ලීමක් කරනවා.
පවතින සෞඛ්‍ය අවධානම සැලකිල්ලට ගනිමින් මෙවර වෙසක් උත්සවය නිවසේ සිට ආදරණියන් සමග සමරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද මීට පෙර ඉල්ලීමක් කළා.
සීල සාමාදානයද, පහන් අලෝක පූජා සහ සෙසු ආගමික වතාවත්ද නිවසේදීම ඉටු කල හැකි බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. වෙසක් සැරසිලිද නිවසේ සිටම සිදු කළ හැකි බව අග්‍රාමාත්‍යවරයා පැවසුවා.
(Neth)