Friday, July 04, 2025
Follow Us
අධ්‍යාපන ආයතනවලට අමාත්‍යංශයෙන් උපදෙස් මාලාවක්

වසා දමා තිබෙන පාසල්, පිරිවෙන්, විද්‍යාපීඨ සහ ගුරු මධ්‍යස්ථාන ඇතුළු සියලූ අධ්‍යාපන ආයතනවල ඩෙංගු මර්ධන කටයුතු සිදු කරන්නැයි අධ්‍යාපන අමාත්‍යංශය උපදෙස් දී තිබෙනවා. මීලග අධ්‍යයන වාරය ආරම්භ කිරීමට පෙර මීට අදාල පියවර ගන්නා ලෙසයි අධ්‍යාපන ආමාත්‍යංශය වැඩිදුරටත් උපදෙස් දී තිබෙන්නේ.

ඩෙංගු මර්ධන වගකීම සනීපාරක්ෂක කම්කරු, පාසල් කම්කරු, උද්‍යන කම්කරු සහ සෙසු අනධ්‍යයන සේවකයන් වෙත පවරන ලෙසද මෙමගින් උපදෙස් දී තිබෙනවා. පාසල් සංවර්ධන සමිති සහ ශිෂ්‍ය සංගම්වල සහයද ඒ සදහා ලබා ගත හැකි බවයි උපදෙස් මාලාවේ දැක්වෙන්නේ.

සියළු පවිත‍්‍ර කිරීමේ කාර්යයන් රජය විසින් ප‍්‍රකාශයට පත් කර ඇති සෞඛ්‍යාරක්ෂණ මාර්ගෝපදේශ අනුව සිදු කල යුතු බවද මෙම උපදෙස් මාලාවේ දැක්වෙනවා.

(Neth)