Friday, July 04, 2025
Follow Us
e-passport ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය

ඉ-පාස්පොට් (e-passport) ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක,අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසනවා.

අද (30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැති කැබිනට් දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළා.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට මෙන්ම ජනතාවට ද මේ හේතුවෙන් පහසුවක් සැලසෙන අතර පසුගිය මාර්තු මාසයේ දී ආරක්ෂ රාජ්‍ය ඇමතිවරයා ලෙසින් කටයුතු කළ ඇමති චමල් රාජපක්ෂ විසින් මෙම කැබිනට් පත්‍රය යොමු කර තිබු බව ඇමති රමේෂ් පතිරණ සදහන් කර සිටියේ.

(Neth)