Friday, May 17, 2024
Follow Us
පීඩාවට පත් කලාකරුවන් සහන

රටේ වත්මන් තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව ඇති කලාකරුවන් සඳහා සහන ලබාදීමේ වැඩපිළිවෙලක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් ක්‍රියාත්මක කර ඇත.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ නීති ප්‍රතිපාදන අනුව කළාකරුවන් ක්ෂේත්‍රය තුළ රදවා ගැනීමත්, දිරිගැන්වීමත් අරමුණු කරගනිමින් රුපියල් මිලියන දහයක මුදලක් පීඩාවට පත් කලාකරුවන්ට සහන සැලසීම සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ඒ අනුව ලබාදී තිබේ.

මේ වන විටත් පීඩාවට පත් කළාකරුවන් වෙනුවෙන් සහන සැලසීමේ කටයුතු සඳහා ඉදිරිපත්ව ඇති ස්වාධීන රූපවාහිනීය මඟින් ක්‍රියාත්මක කරන ර්‍ණමනුෂ්‍යත්වයේ සත්කාරය” වැඩසටහන සඳහා අද (30) මෙම මුදල් පිරිනැමීය.

(Aruna)