ඇඳිරි නීතිය ක්‍රියාත්මක කොළඹ, ගම්පහ,කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල සියලුම තැපැල් ඡන්ද අයැදුම්පත් මැතිවරණ මහ ලේකම් කාර්යාලයට හෝ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට භාර ගැනීම මැයි මස 04 වැනිදායින් පසුව සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ (පර්‌යේෂණ හා ක්‍රම සම්පාදන) චන්න පී. ද සිල්වා පවසයි.
අනෙකුත් දිස්ත්‍රික්කවල සියලුම තැපැල් ඡන්ද අයැදුම්පත් ඉකුත් 28 වැනිදා වන විට දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට,දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට හෝ මැතිවරණ මහ ලේකම් කාර්යාලයට සහතික කිරීමේ නිලධාරීන් විසින් භාරදිය යුතු බව දන්වා තිබිණි.
(Lanka Leads)