නාවික සෙබළුන් 226 දෙනෙක් කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.
වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන් 147 දෙනෙක් සහ නිවාඩු ලබා ගොස් සිටි සෙබළුන් 79 දෙනෙක්ට මෙලෙස කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවයි යුධ හමුදාපතිවරයා සඳහන් කලේ.
නාවික හමුදා සෙබළුන් සමීපව ඇසුරු කළ පුද්ගලයින් 184 දෙනෙක් පොම්පෙමඩු හි පිහිටි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි යුධ හමුදාපතිවරයා සඳහන් කලේ.
මේ අතර නාරාහේන්පිට ප්‍රදේශයෙන් කොරෝනා ආසාධිතයින් වාර්තා වීමත් සමග එහි සිටි පුද්ගලයින් 69 දෙනෙක් දම්මින්න නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කොට ඇති බවද හමුදාපතිවරයා කියා සිටියා.
(Neth)