Friday, July 04, 2025
Follow Us
හමුදා සාමාජිකයන් ස්වයං නිරෝධානයට පාසල් 22ක්

කොළඹ ආනන්ද නාලන්ද, රාජකීය, ඩී.එස් . සේනානායක, තර්ස්ටන්, ඇතුළු දිවයින පුරා පාසල් විසිදෙකක් පමණ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ ස්වයං නිරෝධායන මධ්‍යස්ථාන ලෙස යොදා ගෙන තිබේ.

කොළඹ මහානාම,ඉසිපතන, ලුම්බිණි, ගල්කිස්ස සාන්ත තෝමස්, බම්බලපිටිය සාන්ත පීතර, බොරැල්ල සී.ඩබ්ලිව්, ඩබ්ලිව්. කන්නන්ගර, රත්නාවලී බාලිකා, කොටහේන සිංහල විදුහල හා දෙමළ විදුහල, මෝදර ද ලාසාල්, මරදාන අල්හිදායා, මාලිගාවත්ත බාරොන් ජයතිලක, කිරුළපන මහාමාත්‍ය , නාරාහේන්පිට ඩඩ්ලි සේනානායක, මධ්‍යම පළාතේ දඹුල්ල වීර විජය විමලරත්න හා මහනුවර හේවාහැට මහා විදුහල එලෙස යොදාගෙන ඇති සෙසු පාසල් වේ.

මෙම පාසල් යොදා ගැනෙන්නේ නිරෝධායන මධ්‍යස්ථාන සඳහා නොව නිවාඩු අවලංගු කිරීම නිසා නිවෙස්වල සිට පැමිණෙන ත්‍රිවිධ හමුදා සහ පොලිසියේ සාමාජිකයන්ට දින 14ක ස්වයං නිරෝධායන මධ්‍යස්ථාන ලෙස යැයි මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් එන්. එච්. එම්. චිත්‍රානන්ද පැවසීය.

මීට අමතරව කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණය හා මහජන පුස්තකාලය ද ලබා ගෙන තිබේ.

මධ්‍යම පළාතේ පාසල් දෙකට අමතරව කොත්මලේ හා මහනුවර තවත් පාසල් දෙකක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කර ඇතැයි එම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තිලක් ඒකනායක ඊයේ (28 වැනිදා) පැවසීය.

(Aruna)