Thursday, May 02, 2024
Follow Us
මේ දිනවල සේවය කරන ලංගම රියැදුරන්ට කොන්දොස්තරලාට අමතර දීමනාවක්

බරපතළ අභියෝගයක් භාර ගනිමින් සේවය සඳහා වාර්තා කරන ලංගම බස්රථ රියැදුරු හා කොන්දොස්තරවරුන්ට අමතරව දීමනාවක් ලබාදීමට කටයුතු කරන්නැයි ප්‍රවාහන සේවා කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපතිවරයාට උපදෙස් ලබාදී ඇත.

මෙම උපදෙස් ලබාදී ඇත්තේ ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යංශයේ ඊයේ (28 වැනිදා) පැවැති සාකච්ඡාවකදීය.

එමෙන්ම ඔවුන්ට අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් තවදුරටත් ලබාදීමට කටයුතු කරන ලෙසටත් ඔවුන්ගේ සේවය ඇගයීම සඳහා පියවර ගන්නා ලෙසටත් මෙහිදී ඇමැතිවරයා වැඩිදුරටත් උපදෙස් ලබාදී තිබේ.

ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල පොදු ප්‍රවාහන කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ගෙන ඇති පියවර හා එම කටයුතු ක්‍රියාත්මක කිරීමේදී පවතින අභියෝග සම්බන්ධව අද (29 වැනිදා) පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මේ පිළිබඳව දැනුවත් කිරීමට පියවර ගන්නා බවද එහිදී ඇමැතිවරයා පැවසීය.


(Aruna)