Thursday, May 02, 2024
Follow Us
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් තවත් රෝග තත්ත්ව 02ක් ගැන අනතුරු ඇඟවීමක්

ඩෙංගු සහ මී උණ පැතිර යාමේ අවදානමක් පවතින බව ශී‍්‍ර ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසුවේ, එම රෝග ව්‍යාප්ත වීම අවම කිරීම සඳහා ක්ෂේත‍්‍ර මට්ටමේ නිවාරණ වැඩසටහන් ශක්තිමත් කළ යුතු බවයි.

කොරෝනා, ඩෙංගු සහ මී උණ යන රෝග 03 ට අදාළ ආසාදිතයින්ගේ සංඛ්‍යාව සැලකිය යුතු තරම් ඉහළ මට්ටමකින් වාර්තා වුවහොත්, එය මෙරට රෝහල් සහ ප‍්‍රතිකාර පද්ධතියට දරා ගැනීමේ මට්ටම අභිබවා යාමේ අවදානමක් පවතින බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

(Neth)