Thursday, May 02, 2024
Follow Us
මාණ්ඩලික නොවන රජයේ සේවකයන්ටත් පන්දහසේ දීමනාව - ග්‍රාම නිළධාරීන්ගේ දීමනාත් ඉහළට

ප‍්‍රාදේශීය වශයෙන් සේවය කරන සියලූම මාණ්ඩලික නොවන රජයේ නිලධාරීන්ට රුපියල් 5000 දීමනාව ලබාදීමට රජයේ අවධානය යොමුුව තිබෙනවා.

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් කියාසිටියේ ඒ සදහා අද දිනයේ අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක්ද ඉදිරිපත් කරන බවයි.

ග‍්‍රාම නිලධාරීවරුන් සඳහා ගෙවනු ලබන දීමනාද වැඩි කිරීමට පියවර ගෙන ඇති බවයි ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් පැවසුවේ.

මේ අතර කොරෝනා වෛරස හේතුවෙන් කල් දමා තිබූ කුඩා දරුවන් සදහා වූ එන්නත් විදීම ඊයේ දිනයේද රෝහල් කිහිපයකදි සිදු කෙරුණා.

පවතින කොරෝනා ව්‍යාප්තිය හමුවේ ගර්භණී මව්වරුන් විසින් පිළිපැදිය යුතු උපදෙස් මාලාවක් ද සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඊයේ නිකුත් කරනු ලැබුවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසන්නේ රෝහල්වල තදබදය අවම කිරීමේ අරමුණින් සායනවලට සහභාගිවන ගර්භනී මව්වරුන් කලින් වේලාවක් වෙන් කරගෙන ඒ සදහා යොමුවිය යුතු බවයි.

(Neth)