Thursday, May 02, 2024
Follow Us
කොරෝනා බලපෑම් එල්ල වී ඇති පෞද්ගලික ව්‍යාපාර පිළිබඳ සමීක්ෂණයක්

කොරෝනා වෛරස (COVID 19) වසංගත තත්ත්වය හේතුවෙන් බලපෑම් එල්ල වී ඇති පෞද්ගලික අංශයේ ව්‍යාපාර ආයතන පිළිබඳ තොරතුරු ලබා ගැනිම සඳහා සමීක්ෂණයක් සිදු කිරීමට කම්කරු දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

ඒ සඳහා කඩිනමින් ප්‍රතිචාර දක්වන මෙන් ව්‍යාපාර ප්‍රජාවගෙන් කම්කරු දේපාර්තමේන්තුව කාරුණිකව ඉල්ලීම් කරයි.

https://forms.gle/pE64ygeuHrK7TZcH9 යන වෙබ් දිගුව (web link) ට සෘජුවම සමීක්ෂණයට දායක විය හැකිය.

මෙයට අමතරව කම්කරු දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.labourdept.gov.lk වෙත පිවිසීම මගින්ද සමීක්ෂණය සඳහා ප්‍රතිචාර දැක්වීමට හැකිය.

(Aruna)