Thursday, May 02, 2024
Follow Us
නාවික හමුදාවෙන් තීරණයක්

නාවික හමුදා සාමාජිකයින් අතර පැතිර යන කොරෝනා වෛරසය පාලනය කිරීම නාවික හමුදාව විසින්ම සිදු කිරීමට තීරණය කර තිබෙනවා.

රජයේ අනෙකුත් වෛදවරු වෙත එහි බර බාර නොදී සිටීම වෙනුවෙන් මෙම තීරණය ගත් බවත් සඳහන් කළා. පවතින තත්ත්වය කළමණාකරනය කර ගැනීමට නාවික හමුදාවටම හැකියාවත් ඇති බවත් සඳහන් කළා.

නිවාඩු ලබා නිවෙස් වෙත ගොස් සිටි සියළු සෙබළුන් කදවුරු වෙත කැඳවා ගන්නේ ඒ අනුව බවයි නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ලූතිතන් කමාන්ඩර් ඉසුරු සූරිය බණ්ඩාර නෙත් නිවුස් වෙත කියාසිටියේ.

මේ වනවිටත් නිවාඩු ලබා සිටින නාවික හමුදා සාමාජිකයින් කඳවුරු වෙත පැමිණෙමින් සිටින බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

කොරෝනා වෛරසය ආසාදනය වූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව ඊයේ (27) දිනය වනවිට 180 සීමාවද ඉක්මවා ගියා. ඉන් බහුතරය වාර්තා වුණේ වැලිසර නාවික හමුදා කඳවුරෙන්.

(Neth)