Tuesday, September 16, 2025
Follow Us
ජනාධිපති කාර්යසාධක බලකායන් හි මෙහෙයුම් මධ්‍යස්ථාන වල කාර්ය මණ්ඩලය කොවිඞ් පරීක්ෂණයට

කොවිඩ් නයින්ටීන් වසංගතය හමුවේ ජනතාවට සහන සැළසීමේ නිරත ජනාධිපති කාර්යසාධක බලකායන්හි මෙහෙයුම් මධ්‍යස්ථාන වල කාර්ය මණ්ඩලය කොවිඞ් පරීක්ෂණයට යොමු කර තිබෙනවා.

ඒ අනුව අරලියගහ මන්දිර පරිශ‍්‍රයේ පැය විසිහතර පුරා ක‍්‍රියාත්මක වන අත්‍යාවශ්‍ය සේවා ජනාධිපති කාර්යසාධක බලකාය සහ ආර්ථික පුනර්ජනනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ මෙහෙයුම් මධ්‍යස්ථාන වල කාර්යමණ්ඩලය මෙලෙස පරීක්‍ෂණයට යොමු කෙරුණා.

අග‍්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ මෙතෙක් කරන ලද පරීක්ෂණවලින් එම කාර්යමණ්ඩලයෙන් කිසිදු ආසාදිතයෙකු වාර්තා වී නොමැති බවයි.

(Neth)