Monday, February 09, 2026
Follow Us
අ.පො.ස. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද පස්වරුවේ නිකුත් කෙරේ

2019 වසරේ පවත්වන ලද අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (27) පස්වරුව වන විට නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ පිළිබදව විභාග කොමසාරිස් ජනරාල් බී.සනත් පූජිත මහතාගෙන් ‘අරුණ’ අප විමසූ විට ඔහු සදහන් කළේ අද පස්වරුව වන විට අන්තර්ජාලය හරහා ප්‍රතිඵල නිකුත් කරන බවයි.

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල පසුගිය මාර්තු මස අග නිකුත් කිරිමට නියමිතය තිබුණ ද, පසුගිය මාර්තු කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් එය ප්‍රමාද විය.

(Aruna)