Friday, July 04, 2025
Follow Us
උසස් පෙළ කල් යන්නේ නෑ

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පාසල් ආරම්භ වීම ප්‍රමාද වුවද අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නියමිත කාලවකවානුවේදීම පැවැත්වීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්.එච්.එම්. චිත්‍රානන්ද පැවැසීය.

පවතින තත්ත්වය හමුවේ පාසල් ඇරඹීමට තවමත් නිශ්චිත දිනයක් නොමැති වුවද අදාළ විභාග නියමිත දිනයන්හිදී පැවැත්වීමට කටයුතු සූදානම් කරන බව අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කළේය.

එසේම මේ වන විට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අන්තර්ජාලය හරහා විභාග අයැදුම්පත් තුන්ලක්ෂ හැටහත් දහසක ප්‍රමාණයක් යොමු කර ඇති බවද අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් එම්.එච්.එම්. චිත්‍රානන්ද වැඩිදුරටත් පැවැසීය.

එසේම ශිෂ්‍යත්ව විභාගය සඳහාද අන්තර්ජාලය හරහා විභාග අයැදුම්පත් තුන්ලක්ෂ තිස්අටදාහසකට වැඩි ප්‍රමාණයක් යොමු කර ඇති බව ලේකම්වරයා පැවැසුවේය.

(Aruna)