Friday, July 04, 2025
Follow Us
පාසැල් නිරෝධායන මධ්‍යස්ථාන කරනවාද ? යුධ හමුදාපතිවරයා පිළිතුරු දෙයි

කිසිදු අවස්ථාවක පාසැල් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස පරිවර්ථනය කිරීමේ අදහසක් නොමැති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා. පාසැල් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යාම සඳහා සකස් කරන බවට සමාජය පුරා පැතිර යන කතාවේ කිසිදු සත්‍යතාවයක් නොමැති බවයි මෙහිදී යුධ හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

" නිවාඩු ගොස් සිටින ත්‍රිවිධ හමුදා නිලධාරින්ගේ නිවාඩු අවලංගු කොට ඔවුන් යලි කඳවුරු වෙත කැඳවිමට පියවර ගෙන තිබෙනවා.

මේ හේතුවෙන් කුඩා ප්‍රමාණයේ කඳවුරු තුල නිලධාරීන් අතර සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද පවත්වා ගෙන යෑමට පමණක් එම කඳවුරු ආසන්නයේ පිහිටි පාසැල් කිහිපයක් ලබා දෙන ලෙස අධ්‍යාපන ඇමතිවරයා ගෙන් ඉල්ලා සිටි බවයි මෙහිදී යුධ හමුදාපතිවරයා කියා සිටියේ.

ඒ අනුව ලබාදිය හැකි පාසැල් කුමක්ද යන්න සම්බන්ධයෙන් අධ්‍යාපන ඇමතිවරයා දැනුම් දී ඇති බවත් එම පාසැල් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස පවත්වා ගෙන යාමට කිසිසේත් කටයුතු නොකරන බව යුධ හමුදාපතිවරයා අවධාරණය කර සිටියා.

(Neth)