මළ සිරුරු බහාලන මළු ( Body bags ) 1000ක් ගෙන්වා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කළ ලිපියක් ඊයේ (26) දිනයේදී අන්තර්ජාලයෙහි මහත් ආන්දෝලනයක් ඇතිකළ අතර ඒ පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා අද (27) පැහැදිලි කිරීමක් කළේය.
"මෙහෙමයි දැන් ඇත්ත වශයෙන්ම මේ බොඩි බෑග් කියන්නෙ කොවිඩ් 19 සඳහාම අලුතින් නිර්මාණය වූ දෙයක් නොවෙයි. මේ බොඩි බෑග් භාවිතය ජාත්‍යන්තර වශයෙන් එදා ඉඳලාම තිබ්බ දෙයක්. උදාහරණයක් හැටියට ආපදා අවස්ථාවලදී මේ බොඩි බෑග් භාවිතා කරනවා. ඒවගේම පාස්කු ප්‍රහාරයෙදිත් භාවිතා කළා බොඩි බෑග්.
ඒ නිසා ඕනෑම දෙයකදි පූර්ව සූදානම පමණක් නෙවෙයි මේ ඕනෑම දෙයක් සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව ගබඩා මට්ටම් පවත්වාගත යුතුයි. ඒ නිසා ඊට අවස්ථාවක් ලැබිලා තියෙනවා රතු කුරුසයෙන්, ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගැනීමක් තමයි ඔය සිදුවෙලා තිබෙන්නෙ.
ඒත් එක්කම මම කියන්න ඕනෙ, අපි මේ රෝගය පාලනය කරලා තියෙන ආකාරය ඔබ බැලුවොත් එහෙම මරණ 07යි ඇතිවෙලා තියෙන්නෙ. ඔබ බලන්න අයි ඩී එච් රෝහලේ එම ප්‍රතිකාර මට්ටම කොපමණ හොඳින් සිදුවෙනද කියලා. රෝගය පැතිරීම වැළැක්වීමටත් කටයුතු කරලයි තිබෙන්නෙ. ඒනිසා මෙවැනි මරණ ගණන් අපි කිසිසේත්ම බලාපොරොත්තු වෙන්නෙ නෑ. ඒනිසා ඒ පසුබිමින් ඇතිවුණු දෙයක් හැටියට මේක සලකන්නට බැහැ. අපෙ මරණ අනුපාතය ඉතාම අඩුයි, රෝගීන් ප්‍රමාණයත් අඩුයි. මේ දක්වා අපි පොකුරු නිවා දැමුවා නම් ඒ ආකාරයටම ඉදිරියටත් කටයුතු සිද්ධ වෙනවා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
(LNW)