Monday, February 09, 2026
Follow Us
වැලිසර නාවික කඳවුරේ 95 දෙනෙක්ට කොරෝනා වැළදේ - යුධ හමුදාපති

මේ වන විට වැලිසර නාවික හමුදාවේ නිලධාරීන් 95 දෙනෙක් කොරෝනා වෛරසයට ආසාධනය වී ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

වැලිසර නාවික හමුදා කඳවුර තුලදී නිලධාරීන් 68 දෙනෙක් සහ නිවාඩු ලබා සිටිය නිලධාරීන් 27 දෙනෙකු මෙලෙස කොරෝනා වෛරසයට ආසාධනය වී ඇති බවයි යුධ හමුදාපතිවරයා සඳහන් කර සිටියේ.

අද දිනයේදී මේ දක්වා කොරෝනා වෛරසය ආසාධනය වී සිටින රෝගීන් 11 දෙනෙක් වාර්තා වී ඇති බවත් ඉන් එක් රෝගියෙක් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් වාර්තා වන බවයි යුධ හමුදාපතිවරයා සඳහන් කර සිටියේ. සෙසු රෝගීන් 10 දෙනා නිවාඩු ලබා ගොස් නිවෙස් වෙත ගොස් සිටි වැලිසර නාවික හමුදා කඳවුරේ නිලධාරීන් බවයි යුධ හමුදාපතිවරයා කියා සිටියේ.

(Neth)