Friday, July 04, 2025
Follow Us
සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල නිකුත් කිරීම ගැන පැහැදිළි කිරීමක්

ඉකුත් දෙසැම්බර් මාසයේ පැවති අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල තවත් දින දෙකක් ඇතුළත නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පවසනවා.

ඔහු නෙත් නිවුස් වෙත කියාසිටියේ ප‍්‍රතිඵල ලේඛණ සකස් කිරීමේ අවසන් අදියරේ කටයුතු මේ වනවිට සිදුවන බවයි. ප‍්‍රතිඵල පරිගණක ගත කිරීමේ කටයුතුද මේ වනවිට සිදුවන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සදහන් කළා.

ප‍්‍රතිඵල ලේඛණ සකස් කිරීමේ කටයුතු ඉකුත් දිනවල සිදුකළේ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලබාදුන් සෞඛ්‍ය නිර්ණායක අනුව බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත කියාසිටියේ.

සාමාන්‍යයෙන් ප‍්‍රතිඵල නිකුත් කිරීමේ අවසන් අදියරේ කටයුතු සදහා විභාග රාජකාරී වෙනුවෙන් නිලධාරීන් 650 ක් පමණ යොදා ගැණෙනවා. එහෙත් මෙවර එම පිරිස 70 කට සීමා කළ බවයි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සදහා සිසුන් හත් ලක්‍ෂ 17,000 ක් පෙනී සිටියා. ඒ, විෂයන් 53 ක් යටතේයි.

(Neth)