Saturday, May 04, 2024
Follow Us
හැඳුනුම්පත් අංක ක්‍රමය දිවයිනටම ක්‍රියාත්මකයි - අජිත් රෝහණ

අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා නිවෙස්වලින් බැහැර වීමට හඳුන්වා දෙනු ලැබූ හැඳුනුම්පත් අංකයේ අවසන් ඉලක්කම අනුව බෙදෙන ක්‍රමය ඇඳිරි නීතිය ඉවත් නොකෙරෙන දිස්ත්‍රික්ක ඇතුළු මුළු දිවයිනටම ක්‍රියාත්මක බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අවධාරණය කරයි.

මෙම ක්‍රමය හඳුන්වා දෙන්නේ විශේෂයෙන්ම ඇඳිරි නීතිය ඉවත් නොකෙරෙන දිස්ත්‍රික්ක සඳහා බවයි ඒ මහතා සඳහන් කළේ.

"අවදානමක් තියෙන ප්‍රදේශවල අයට තමයි විශේෂයෙන් මේ නිර්ණායකය හඳුන්වලා දීලා තියෙන්නෙ යම්කිසි ආකාරයක තමන්ගෙ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයක් තියෙනවා නම් ඖෂධයක් තියෙනවා නම් ඒ තැන්වලට යන්න ඒ දිනවල. ඒ ළඟම තියෙන එකට තමයි යන්න ඕනෙ.

දැන් උදාහරණයක් විදියට අපි ගත්තොත් මහරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ඔහුගේ අවසාන හැඳුනුම්පත් අංකය එකෙන් ඉවර වෙනවා නම් හෙට සඳුදා දිනයේ ඔහුට යන්න පුළුවන්. ඔහු ළඟම ස්ථානයට ගියාට ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීමක් වෙන්නෙ නෑ. හැබැයි ඔහු හෝමාගම ප්‍රදේශයට නැත්නම් කොට්ටාව ප්‍රදේශයට ගියොත් මේ නීතිමය තත්වය නෙවෙයි" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

(LNW)