Saturday, July 05, 2025
Follow Us
ලබන 28 ට පෙර තැපැල් ඡන්ද අයදුම්පත් භාර දෙන්නැයි සහතික කිරීමේ නිලධාරීන්ට උපදෙස්

සහතික කිරීමේ නිලධාරීන් වෙත ලැබී ඇති සියළුම තැපැල් ඡන්ද අයදුම්පත් මේ මස 28 වනදා පස්වරු 4 ට පෙර අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හෝ මැතිවරණ කාර්යාලය වෙත භාරදෙන ලෙස මැතිවරණ කොමිසන් සභාව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් කියා සිටියේ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය වූ පසුගිය මස 17 වනදා වන විට ලැබී ඇති තැපැල් ඡන්ද අයදුම්පත් ආවරණ ලිපියක් මඟින් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හෝ මැතිවරණ කාර්යාල වෙත ලබා දෙන ලෙසයි.

(Lanka Leads)