Saturday, July 05, 2025
Follow Us
ජනපතිට ඕනෑම තරමක් ණය ගන්නත් වියදම් කරන්නත් පුළුවන්. කිසිම සීමාවක් නෑ - බන්ධුල

කවදා හෝ දිනයක මැතිවරණයක් පවත්වා අලුතින් පාර්ලිමේන්තුවක් පත්කරගෙන එයිනුත් මාස තුනක කාලයක් යනතුරු රජයේ මුදල් පාලනය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ව්‍යවස්ථාවෙන් බලය හිමිව ඇති බව කැබිනට් ප්‍රකාශක, ආචාර්ය බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.

එහිදී ජනාධිපතිවරයාට ඕනෑම ප්‍රමාණයක් ණය ගැනීමටත් ඕනෑම ප්‍රමාණයක් මුදල් වැය කිරීමටත් හැකි අතර ඊට කිසිදු සීමාවක් පනවා නොමැති බවයි ඒ මහතා සඳහන් කළේ.

එහෙයින් අප්‍රේල් 30 වනදායින් පසු මෙරට රජයේ වියදම් සඳහා මුදල් ලබාගැනීමට නොහැකි බවට විපක්ෂය ගෙනයන ප්‍රචාරණය බොරුවක් බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

බන්ධුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ අද (23) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

(LNW)