කොවිඩ්- 19 අරමුදලට අමාත්‍ය මණ්ඩලයේ මාසයක වැටුප පිරිනැමීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එකගත්වය පළ කළ බව ඇමැති මහින්ද අමරවීර පවසනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආරම්භ කළ කොවිඩ් -19 විශේෂ අරමුදලට අමාත්‍ය මණ්ඩලයේ එක් මාසයක වැටුප පරිත්‍යාග කිරීමට තමන් අද (23) දින පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට යෝජනා කළ බවත් අග්‍රාමාත්‍යවරයා යෝජනාව ක්‍රියාත්මක කිරීමට එකගත්වය පළ කළ බවයි අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ.
අද දින පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ හා ලංකා ඛණිජතෙල් බෙදාහැරීමේ පර්යන්තයේ සේවක මණ්ඩලවල එක් දිනෙක වැටුප වශයෙන් රුපියල් ලක්ෂ 142කට ආසන්න මුදලක් කොවිඩ් -19 විශේෂ අරමුදලට පරිත්‍යාග කිරීම සඳහා ද අග්‍රාමාත්‍යවරයා වෙත බාර දුන්නා.
එම අවස්ථාවේ දී මෙම යෝජනාව ඉදිරිපත් වී ඇත්තේ.
කොවිඩ් -19 වසංගත තත්ත්වය නිසා රටේ සෑම පාර්ශ්වයකටම ඉදිරියේ දී කැප කිරීම් කිරීමට සිදු වන බව කී අමාත්‍යවරයා අවශ්‍ය නම් ඉදිරියේ දී තවත් කැප කිරීම් ඉටු කිරීමට රජය වශයෙන් සූදානම් බවත් සඳහන් කළා.
(Neth)