රටේ සියලුම පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ගේ රැකියා සුරක්ෂිතතාව තහවුරු කිරීමට රජය පූර්ණ සහයෝගය ලබාදෙන බව නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු ඇමැති දිනේෂ් ගුණවර්ධන පවසයි.
කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් දැනට වසා දමා ඇති කර්මාන්ත ශාලා යළි ආරම්භ කිරීමට රජය මැදිහත්වන බවද ඇමැතිවරයා පැවැසීය.
ඇමැතිවරයා මේ බව පැවැසුවේ පසුගිය 21 වැනිදා ශ්‍රී ලංකා හාම්පුතුන්ගේ සම්මේලනය සහ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සමග පැවති විශේෂ සාකච්ඡාවකදීය.
මෙරට නිෂ්පාදන අංශයේ ව්‍යාපාර යළි ආරම්භ කිරීම, ඒවාගේ අඛණ්ඩව පැවැත්ම, සේවකයන්ගේ රැකියා අඛණ්ඩව පවත්වාගෙන යෑම සහ සේවක වැටුප් ගෙවීම පිළිබඳව මෙහිදී සාකච්ඡාවට බදුන් වී ඇත.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පළාත් ආයතනවල සහාය ඇතිව දිස්ත්‍රික් මට්ටමේ කම්කරු නිලධාරීන් යොදා ගනිමින් පරීක්ෂණයක් සිදුකරන ලෙසද ඇමැතිවරයා මෙහිදී කම්කරු කොමසාරිස්වරයාට උපදෙස් දී ඇත.
ව්‍යාපාර, කර්මාන්ත සේවකයන්ගේ අවශ්‍යතා පිළිබඳව සොයාබැලීම සඳහා සැලැසුමක් සකස් කිරීමට අමාත්‍යාංශ මට්ටමේ ත්‍රෛ පාර්ශ්වීය කාර්ය සාධක බලකා කමිටුව සමග ශ්‍රී ලංකා හාම්පුතුන්ගේ සම්මේලනය මෙහිදී එකඟතාව පළකර තිබේ.
(Aruna)