Sunday, February 08, 2026
Follow Us
මැතිවරණයට අදාළ රාජකාරි කරන්න තැපැල් දෙපාර්තමේන්තුව සූදානම්

දැනට නියම කර ඇති පරිදි ජුනි මස 20 වැනිදා මහ මැතිවරණය පවත්වන්නේ නම් ඒ වෙනුවෙන් තමන් වෙත පැවෙරන ව්‍යස්ථාපිත රාජකාරී ඉටු කිරීමට සූදානම් බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වන තැපැල්පති රංජිත් ආරියරත්න පෙන්වා දුන්නේ ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් මෙම රාජකාරී සිදු කිරීමට සූදානම් බවයි.

සෑම විටම තැපැල් දෙපාර්තමේන්තුව කටයුතු කරන්නේ සෞඛ්‍ය උපදෙස් අනුව බව මෙහිදී නැවත අවධාරණය කෙරුණා.

(Neth)