මැතිවරණය සදා කල් දැමිය නොහැකි බවත් නිලධාරීන් එසේ බලාපොරොන්තු වන්නේ නම් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස තමන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා විය යුතු බව තරයේ විශ්වාස කරන බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා මේ බව පැවසුවේ විද්‍යුත් නාලිකාවක් සමඟ පැවැති සාකච්ඡාවකට එක් වෙමිනි.
ප්‍රජාතන්ත්‍රවාදයේ මහෝත්සවය ඡන්ද විමසීම වන නමුත් මේ අවස්ථාවේ මැතිවරණය පවත්වා ජනතාවගේ ජීවිතය ආපදාවට ලක් කරන්නට නොහැකි බව ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේය.
ඡන්දය තියන්න කීම මෙන්ම කල් දාන්න කීම ද බලපෑමක් බව කී ඒ මහතා දිනයක් දිය යුතු යැයි පෙන්වා දීම හැර අසවල් දිනය දිය යුතු බවට කිසිවෙකුගේ බලපෑමක් සිදු නොවූ බවද කීවේය.
ඒ බව අගමැතිවරයාගේ ලිපියේ අවසන් වැකියෙන් පැහැදිලි වන බවත් පෙන්වා දුන් කොමසාරිස්වරයා, සමාජ දුරස්තභාවය තබා ගෙන මැතිවරණය පැවැත්වීමට අදාළ ව තීරණ ගන්නා බවත් පුරවැසියාගේ ජීවිත අවදානමේ දැමිය නොහැකි බවත් කීවේය.
මැතිවරණයේ විශ්වසනීයභාවය තබා ගැනීම මෙහිදී වැදගත් ම කාරණය බවත් හෙතෙම අවධාරණය කළේය.
මැතිවරණය සම්බන්ධයෙන් තීරණ ගත්තේ අපේ කොමිසන් සභාවේ සියලුම දෙනා සහ රටේ වගකිව යුතු අංශ සාමාජිකයින් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව බවත් ඒ සියලු දෙනා ඡන්දය තියනවට කැමැති නමුත් විහිළුවක් නොවන විදියට පැහැදිලි දිනයක් අවශ්‍ය බව සියළුම දෙනාගේ මතය බවත් හෙතෙම පැවසීය.
අපි අනිවාර්යයෙන් ම කොවිඩි 19 පරාජය කළ යුතු නමුත් ඊට මුවා වී රටේ ප්‍රජාතන්ත්‍රවාදය පරාජය කරන්නට නොහැකි බවත් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
(Lanka Leads)