Saturday, July 05, 2025
Follow Us
කොරෝනා මැඩ මහ මැතිවරණට යනවා…. අගමැති කියයි

කොරෝනා වසංගතය මුලින්ම මැ`ඩලීමට ක‍්‍රියාකර ඉන් පසු මැතිවරණයට මුහුණ දීම ආණ්ඩුවේ මූලික අරමුණ යැයි අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

මැතිවරණ කොමිසම මගින් මහ මැතිවරණය ජුනි 20 වැනිදා පැවැත්වීමට තීරණය කිරීම පිළිබඳව අග‍්‍රාමාත්‍යවරයාගෙන් විමසීමකදී හෙතෙම මෙසේ කීවේය.

මැතිවරණ කොමිසම ගන්නා තීන්දු තීරණ අනුව ආණ්ඩුව ඊට එකඟ වූ බවත් ඒ අනුව කොරෝනා ප‍්‍රශ්නය විසඳීමෙන් පසුව මැතිවරණයට මුහුණ දෙන බවද කීය. අප කළ යුත්තේ මුලින්ම අද රටේ උද්ගතව තිබෙන කොරෝනා වසංගතය මැඩලීමට ක‍්‍රියා කිරීමයි. ඊට පසු අප ඡන්දයට මුහුණ දෙනවා. අප ගැන ජනතාව විශ්වාසය තබා තිබෙන නිසයි ජනපතිවරණය ජයග‍්‍රහණය කළේ. එම විශ්වාසය කිසිදු විටෙක අඩුවී නැහැ.

(Lanka Leads)