Sunday, February 08, 2026
Follow Us
කුලී රථ හා තී‍්‍රරෝද රථවල උපරිම මගීන් ගණන දෙදෙනෙකුට සීමා කෙරේ

කුලී රථ හා ත‍්‍රීරෝද රථවල රියදුරුට අමතරව ගමන් කළ හැකි උපරිම මගීන් ගණන දෙදෙනෙකුට සීමා කරන ලෙස දන්වමින් වැඩ බලන පොලිස්පති සී ඞී වික‍්‍රමරත්න සියලූ පොලිස් ස්ථාන වෙත දැනුම් දීමක් කර තිබෙනවා.

ඒ, පොදු මගී ප‍්‍රවාහන සේවාවන් කි‍්‍රයාත්මක කිරීමේදී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ පිළිබඳ චක‍්‍රලේඛයක් නිකුත් කරමින්. දෛනික ජන ජීවිතය යථා පරිදි පවත්වා ගැනීමට ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමග පොදු මගී ප‍්‍රවාහන සේවාවන්හි ආරක්ෂක ක‍්‍රම පිළිබඳව සැලකිලිමත් නොවී කටයුතු කරන අවස්ථා නිරීක්ෂණයට ලක්ව ඇති බවයි වැඩ බලන පොලිස්පතිවරයා පෙන්වා දෙන්නේ.

(Neth)