Saturday, July 05, 2025
Follow Us
මැතිවරණය ගැන සහ පාර්ලිමේන්තුව යළි කැඳවීම ගැන ජනපතිට තිබූ මතය කියයි

කිසිදු හේතුවක් මත පැරණි පාර්ලිමේන්තුව යළි කැඳවීමේ අවශ්‍යතාවයක් තමන්ට නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

නව කොරෝනා මර්දනය සහ ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග සමග සිදු කළ විශේෂ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

එහිදී "මැතිවරණය දිගින් දිගටම කල්දැමීමට ඉල්ලීම් කිරීම හරහා රට ව්‍යවස්ථාපිත අර්බුදයකට ගෙන යා හැකි යැයි සිහින දකින්නන්ගේ යටි අරමුණ කුමක්ද යන්න වටහා ගැනීමේ හැකියාවක් අද ජනතාවට තියෙනවා." යනුවෙන් සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ ස්වාධීන මැතිවරණයක් පැවැත්වීමට අදාළ සම්පූර්ණ නිදහස සහ බලය මැතිවරණ කොමිසන් සභාවට ඇති බවයි..

(Neth)