බොරලැස්ගමුව ප්‍රදේශයෙන් ඊයේ රාත්‍රියේ වාර්තා වුණු රෝගියාට වෛරසය ආසාදනය වූයේ කොට්ටාව ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික බෙහෙත් ශාලාවකින්දැයි සැකයක් පවතින බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
"බොරලැස්ගමුවේ ඒ ආසාදිත පුද්ගලයා ඔහු යනවා කොට්ටාව ප්‍රදේශයේ පෞද්ගලික බෙහෙත් ශාලාවකට. රුධිර කාන්දුකරණය වගේ දේකට සතියට තුන් පාරක් යන පුද්ගලයෙක්. ඒ පුද්ගලයා යන එම ඩිස්පෙන්සරි එකට මීට ප්‍රථම අපි සොයාගත්තා මං හිතන්නෙ 114 වෙනි රෝගියා හැටියට නමක් කීමට අවශ්‍ය නැති පුද්ගලයෙක්. ඒ පුද්ගලයා මේ බෙහෙත් ශාලාවට පැමිණිලා තිබෙනවා.
මොහු ගිහිල්ලා තියෙන්නෙ මාර්තු 24 සහ 26 දින දෙකේදි. මේ පුද්ගලයාත් මීට සමාන 23 සහ 25 දිනවලත් මේ ස්ථානයට පැමිණිලා තිබෙනවා. ඉතිං එතැනින් මේක වැළඳුණාද කියලා යම්කිසි සැකයක් තිබෙනවා. කෙසේ හෝ ඊයෙ රාත්‍රියෙ මොහුව සොයාගත්තෙ. මේ වනවිටත් මොහුගේ නිවස සහ ඔහු ඇසුරු කළ අයව සොයාගෙන නිරෝධායනයට ලක් කරලා තියෙනවා, බෙහෙත් ශාලාවත් එහෙමමයි. අපි මේ සඳහා ඊයෙ රාත්‍රියෙ සහ අද උදේ වනතෙක් ඒ සොයාගත යුතු සියලුම අය සොයාගෙන ඔවුන්ව නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කරලා ඉවරයි" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
(LNW)