Saturday, July 05, 2025
Follow Us
ඉදිකිරීම් කටයුතුවලට අවසරය අන්තර්ජාලයෙන්

ඉදිකිරීම් කටයුතු සදහා අවශ්‍ය අවසර ලබාදීම අන්තර්ජාලය ඔස්සේ සිදුකිරීමට නාගරික සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇත.

අන්තර්ජාලය ඔස්සේ ඉදිරිපත් වන අයදුම්පත් සළකා බලා ඉදිකිරීම් ආරම්භ කිරීමට අවසර දෙන බවත් පවතින තත්ත්වය පහව යාමෙන් පසු විධිමත් අනුමැතිය ලිඛිතව නිකුත් කිරීමට කටයුතු කරන බවත් නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති හර්ෂාන් ද සිල්වා මහතා එම අධිකාරියේ අද (20) පැවති මාධ්‍ය හමුවක දී ප‍්‍රකාශ කළේය.

විමධ්‍යගත බලතල අනුව පලාත් පාලන ආයතන මගින් නාගරික සංවර්ධන අධිකාරියේ බල ප‍්‍රදේශ තුළ ඉඩම් කැබලි කිරීම් හා ගොඩනැගිලි ඉදිකිරීම්වලට අදාල අනුමැතිය ලබාදීමේ ක‍්‍රියාවලිය සිදු කරනු ලබයි.

නාගරික සංවර්ධන අධිකාරියේ www.uda.gov.lk වෙබ් අඩවියට පිවිස ඒ ඔස්සේ අයදුම් පත් ඉදිරිපත් කළ හැකි බවද සභාපතිවරයා කීය.

(Aruna)